පොදු සංවර්ධනය සාක්ෂාත් කර ගැනීමට සහ දෙරටේ ජනතාවට ප්රතිලාභ සැලසීම සඳහා ශ්‍රී ලංකාව සමඟ සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට චීනය අපේක්ෂා කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙංග් ෂියුආන් මහතා පැවැසීය.
එසේම පසුගිය වසර 40 තුළ චීන ආර්ථික ප්‍රතිසංස්කරණ හා ආර්ථිකය විවෘත කිරීම චීනයට නව පෙනුමක් ලබා දී ඇති බවත් එය ලෝක සංවර්ධනයට බලපෑමක් ඇති කර බව ඔහු පැවැසීය.
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වෙළඳාමේ කේන්ද්‍රස්ථානයක පිහිටා ඇති බවත් වර්තමානයේදී දේශපාලන, ආර්ථික හා සමාජ ප්‍රතිසංස්කරණ වල විශේෂ පරචේදයකට මුහුණ දී ඇති බවත් ඔහු පැවැසීය.
චීනයේ ආර්ථික ප්‍රතිසංස්කරණ හා ආර්ථිකය විවෘත කිරීම අවුරුදු 40ක් සැපරීම වෙනුවෙන් ශ්‍රී ලංකා චීන සමාජ හා සංස්කෘතික සහයෝගීතාව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සමඟ එක්ව පැවැත්වූ සම්මන්ත්‍රණයට හා ඡායාරූප ප්‍රදර්ශනයේ ගෞරවනීය අමුත්තා ලෙස එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
අද (16දා) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී පැවැති මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූ කැබිනට් නොවන අමාත්‍ය, ආචාර්ය හර්ෂද සිල්වා මහතා සඳහන් කළේ දශක හතරක් තුළ චීනය විශිෂ්ට ජයග්‍රහණ අත්කර ගෙන ඇති බවත් අද එය ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකයක් බවට පත්ව ඇති බවත්ය.
මෑත වසරවලදී ශ්‍රී ලංකාව චීන ආයෝජන රාශියක් ආකර්ෂණය කර ගෙන ඇති බවත්, මෙම ආයෝජන ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන්මගට විශාල පිටුවහලක් බවත් ඔහු ප්‍රකාශ කළේය.
චීනයේ ආර්ථික ප්‍රතිසංස්කරණ හා ආර්ථිකය විවෘත කිරීම් පිළිබඳ ඡායාරූප ප්‍රදර්ශනය විවෘත කිරීමෙන් අනතුරුව සම්මන්ත්රනය ආරම්භ විය.
මෙම ඡායාරූප ප්‍රදර්ශනයට ඡායාරූප 60 කට අධික සංඛ්‍යාවක් එක්කොට තිබුණි.
මෙහිදී ප්‍රධාන දේශනය කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යාංශයේ මහාචාරය සුරංගද සිල්වා මහතා විසින් සිදුකළේය.
ඡායාරූප ශමීර රාජපක්ෂ









